Thursday, February 22, 2018

Family: Viperidae විෂ සහ විෂ දළ

Family: Viperidae විෂ සහ විෂ දළ 



  • සාපේක්ෂව දිග විෂ දළ පිහිටයි.
  • එක්වරකට පිටකරන විෂ ප්‍රමාණයේ (lyophilized  - ශීත කර වි‍යලන ලද ) වියළි බර මිලිග්‍රෑම් 15ක් පමණ වේ.
  • චලනය කළ හැකි Solenoglyphous වර්ගයේ විෂදළ පිහිටයි.

Maxilla of Russell's Viper with functional and replacement ( තිත් පොළඟාගේ උඩුහනු අස්ථිය සමඟ විෂ දළයේ සටහනක්.)




Lateral and anterior view. විෂදළයේ පාර්ශවීය හා හරස්කඩ රූපසටහන් 




1. Venom canal - විෂ නාලය
2. Pulp cavity


1. Opening - විෂ දළයට විෂ ඇතුළුවන ස්ථානය
2. Exit - විෂ දළයෙන් විෂ පිටවන ස්ථානය. (මෙය ඒක පාර්ශවික සිදුරකි.)

තිත් පොළඟාගේ විෂ දළ 


මූලාශ්‍රය https://www.flickr.com/photos/usman_clicks/

මූලාශ්‍රය https://www.flickr.com/photos/usman_clicks/


Cephalic Gland in a snake -  Cephalic ග්‍රන්ථියේ පිහිටීම.

Cephalic - ඇසට යටින් සහ පිටුපසින් පිහිටා ඇති නිසා මේ නම ලැබී ඇත.
Ex :- Trimeresurus sp.




  1. Nasal pit - නාස් විවරය
  2. Nasal gland - නාස් ග්‍රන්ථිය
  3.  Loreal pit - ලෝරියල් ජිද්‍රය - මෙය අධෝරක්ත කිරණ සංවේදක අවයවක් ලෙස ක්‍රියා කරන අතර තාප සංවේදනයට උපකාරී වේ. 
  4. Venom gland - විෂ ග්‍රන්ථිය.
  5. Infralabial gland - ලේබියල් ග්‍රන්ථිය.


Daboia russelli (තිත් පොළඟා) ගේ විෂ 



  • ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨන වලින් සිදුවන මරණ වලින් 35%කටම Daboia russelli වග කියයි. 
  • ශ්‍රී ලංකාව තුල Daboia russelli ගේ දෂ්ඨන නිසා වාර්තා වන මරණ සංඛ්‍යාවෙන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ උතුරු මැද පළාතෙනි. 

විෂ සංයුතිය 

            • Haemotoxins - රුධිර ධූලක 
            • Neurotoxins - ස්නායු ධූලක
            • Nephrotoxins - වෘක්ක ධූලක  
            • Myotoxins - මාංශ ධූලක

          Daboia russelli ගේ දෂ්ඨනය නිසා ඇතිවන රෝග ලක්ෂණ

ඉහත සඳහන් කළ ආකාරයේ විවිධ විෂවර්ග Daboia russelli ගේ විෂෙහි අඩංගු නිසා එම විෂ ශරීර ගත වූ විට පද්ධති කිහිපයකම ක්‍රියාකාරීත්වයට (multisystemic manifestation) බලපෑම් ඇති වේ. එම නිසා පහත දැක්වෙන රෝග ලක්ෂණ ඇතිවිය හැක.

ස්ථානීය රෝග ලක්ෂණ 

(මෙම රෝග ලක්ෂණ දෂ්ඨ කළ අවස්ථාවේදීම සුළු වේලාවක් ඇතුලත ඇති වේ.)
  • දෂ්ඨ මුඛයෙන් අධික ලෙස ලේ ගැලීම. (මේ නිසා රක්තපාතය ඇති වී රෝගියා මියයාම වුවද විය හැක.) 
  • දෂ්ඨනය සිදුවූ ගාත්‍රය ඉදිමීම
  • දෂ්ඨ මුඛය අවට දියපට්ටා මතුවීම.

ශාරීරික රෝග ලක්ෂණ 

(මෙම ශාරීරික රෝග ලක්ෂණ ඇතිවීමට දෂ්ඨ කළ වේලාවේ සිට විනාඩි 20ක පමණ කාලයක් ගත විය හැක.)

  • Multi systemic Manifestation
    • Melena hematuria -  කේෂ නාලිකා පුපුරා යාම, මූත්‍රා සමඟ ලේ පිටවීම, ඇස් යටින් ලේ ගැලීම, විදුරුමස් වලින් ලේ ගැලීම
    • Haematemesis - ලේ වමනය 
    • Ophthalmoplegia - අක්ෂි පේෂි අඩපණ වීම 


Hypnale hypnale (කුණක‍ටුවා) ගේ විෂ 

ශ්‍රී ලංකාවේ වාර්තා වන සර්ප ද්ෂ්ඨන වලින් 77%ක් Hypnale hypnale නිසා වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ සිදුවන සර්ප දෂ්ඨන වලින් වාර්තා වන මරණ වලින් 22%කට වග කියන්නේද Hypnale hypnale ය. 

විෂ සංයුතිය 

  • Cytotoxins - සෛල ධුලක
  • Nephrotoxins - වෘක්ක ධූලක  
  • Myotoxins - මාංශ ධූලක

Daboia russelli ගේ දෂ්ඨනය නිසා ඇතිවන රෝග ලක්ෂණ

ඉහත සඳහන් කළ ආකාරයේ විවිධ විෂවර්ග ගේ විෂෙහි අඩංගු නිසා විෂ ශරීර ගත වූ විට පද්ධති කිහිපයකම ක්‍රියාකාරීත්වයට (multisystemic manifestation) බලපෑම් ඇති වේ. එම නිසා පහත දැක්වෙන රෝග ලක්ෂණ ඇතිවිය හැක.

ස්ථානීය රෝග ලක්ෂණ 

(මෙම රෝග ලක්ෂණ දෂ්ඨ කළ අවස්ථාවේදීම සුළු වේලාවක් ඇතුලත ඇති වේ.)
  • දෂ්ඨ මුඛයෙන් අධික ලෙස ලේ ගැලීම. (මේ නිසා රක්තපාතය ඇති වී රෝගියා මියයාම වුවද විය හැක.) 
  • දෂ්ඨනය සිදුවූ ගාත්‍රය ඉදිමීම
  • දෂ්ඨ මුඛය අවට දියපට්ටා මතුවීම.

ශාරීරික රෝග ලක්ෂණ 

(මෙම ශාරීරික රෝග ලක්ෂණ ඇතිවීමට දෂ්ඨ කළ වේලාවේ සිට විනාඩි 20ක පමණ කාලයක් ගත විය හැක.)

  • Multi systemic Manifestation
    • Melena hematuria -  කේෂ නාලිකා පුපුරා යාම, මූත්‍රා සමඟ ලේ පිටවීම, ඇස් යටින් ලේ ගැලීම, විදුරුමස් වලින් ලේ ගැලීම
    • Haematemesis - ලේ වමනය 
    • Ophthalmoplegia - අක්ෂි පේෂි අඩපණ වීම 
  • Haemostatic dysfunction
  • Microangiopathic dysfunction 
  • Renal cortical necrosis  වකුගඩු බාහිකය කුණුවීම නිසා වකුගඩු අකර්මන්‍ය (acute renal failure)වීම. (නිසි ලෙස ප්‍රතිකාර නොකළහොත් මෙම තත්වය ඇති වේ.)

සර්ප දෂ්ඨනයකදී කළ යුතු දෑ..


  • දෂ්ඨ කළ ස්ථානය සබන් යොදා සේදීම සහ ඉන්පසුව පිරිසිදු රෙදි කඩකින් වැසීම.(සම මතුපිට විෂ තිබේ නම් ඉවත් වීමට ) 
  • රෝගියාගේ බිය දුරු කිරීම. බිය වීමෙන් හෘද ස්ඵන්දනය වේගවත් වී විෂ පැතිරීම වේගවත් වේ. 
  • දෂ්ඨ කළ ස්ථානය ඉදිමිය හැකි බැවින් වළලු හෝ මුදු පැළඳ ඇත්නම් ඉවත් කිරීම සිදු කළ යුතුය. 
  • දෂ්ඨනය සිදුවී ඇති ස්ථානය නොසෙල්වෙන පරිදි හා රෝගියා වෙහෙස නොවන පරිදි ළඟම ඇති රෝහල කරා ගෙනයාම වැදගත් වේ. (ළඟම ඇති ශික්ෂණ රෝහල කරා ගෙනයාම වඩාත්ම සුදුසුය. (සෑම රෝහලකම ප්‍රති විෂ නොමැති නිසාවෙන්) )


සර්ප දෂ්ඨනයකදී නොකළ යුතු දෑ..

  • ඇස්ප්‍රීන් වැනි ඖෂධ ලබා නොදිය යුතුය.(ලේ කැටි ගැසීම වැලක්විය හැකි ගුණයක් ඇති නිසා, මෙයින් රක්තපාතය වැඩිවිය හැක.)
  • මධ්‍යසාර ලබා නොදීම. (මධ්‍යසාර විෂ අවශෝෂණය ඉක්මන් කරයි.)
  • තැඹිලි සහ කුරුම්බා වැනි පොටෑසියම් ලවණ අධික පලතුරු යුෂ වැනි දෑ ලබා නොදීම. (වකුගඩුවලට හානි විය හැකි නිසා වකුගඩුවලට වන හානිය අවම කිරීමට.) 

සටහන සංස්කරණය -  චතුර වින්දික වික්‍රමසිංහ.

No comments:

Post a Comment

Family: Viperidae විෂ සහ විෂ දළ

Family: Viperidae විෂ සහ විෂ දළ  සාපේක්ෂව දිග විෂ දළ පිහිටයි. එක්වරකට පිටකරන විෂ ප්‍රමාණයේ (lyophilized  - ශීත කර වි‍යලන ලද ) වියළි බර...